Find us on Facebook!

who did you tell see my video with childrens-Nadeesha Hemamali


කවුද කිව්වෙ මගේ වීඩියෝ එක 

දරුවො එක්ක බලන්න කියල..?
යූ ටියුබ් තියෙන්නෙ 18 න් ඉහළ අයට
-  නදීෂා හේමමාලී

පසුගියදා අන්තර්ජාලයේ කථාබහට ලක්වූ මියුසික් වීඩියෝවක නදීෂා හේමමාලි මුඛ සිපගැනීමක නිරතවීම ආන්දෝලනයක් ඇති කළා. එම ගීතය ගැන හෝ නිර්මාණය ගැන හෝ රටේ කතාබහක් ඇතිවූයේ නැති වුණත් නිල් චිත්‍රපට ජවනිකාවක් බලන ආකාරයට zනදීෂාගේ කිස් එකේZ වීඩියෝව යූ ටියුබ් ඔස්සේ බොහෝ අය නැරඹූ පසුව එහි හිට්ස් ඇතැයි කියමින් 
නිර්මාණකරුවන් දැන් කරළියට පැමිණ තිඛෙන්නේ එම ගීතය ලංකාවේ මියුසික් වීඩියෝ ඉතිහාසයේ පෙරළියක් සිදු කළ බවට උදම් අනමිනි.
පසුගියදා නෙත් එෆ්එම් අන්ලිමිටඩ් වැඩසටහනට නදීෂා පැමිණ ඒ ගැන කථාකරද්දී දුරකථනයෙන් සම්බන්ධවූ අසන්නියක් නදීෂාගේ රංගනය හෙළා දකිමින් කථා කළා. ඇය කියා සිටියේ එම ගීතයේ නදීෂාගේ රංගනය තමන්ට දරුවන් සමග නරඹන්නට බැරි බවයි. එම

අවස්ථාවේ නදීෂා ඇයගේ ප්‍රකාශය පිළිගත්තේ නැත. නදීෂා කියා සිටියේ යූ ටියුබ් තියෙන්නේ 18 න් ඉහළ අයට නිසා දරුවන් ඒ වෙතින් ඈත් කර තැබීම දෙමාපිය යුතුකමක් බවයි.
එහිදී ඇතිවූ සංවාද සටහන හා ඕඩියෝව පහතින්

අසන්නිය
මං මේක හෙළා දකිනවා. නදීෂාගේ රංගනය ගැන නම් මගේ කොහොමත්ම පැහැදීමක් නැහැ. සින්දුව ගැන ප්‍රශ්නෙකුත් නැහැ. සංගීතය ගැන ප්‍රශ්නෙකුත් නැහැ. මේක ළමයෙක් එක්ක බලන්න පුළුවන් තත්වෙක නැහැ.

නදීෂා
මේක රූපවාහිනියේ පෙන්වන එකක් නෙමෙයි.ඒක යූ ටියුබ්. එතකොට ඔබට වගකීමක් තියනවා දරුවන්ට යූටියුබ් වගේ දේවල් පෙන්වන කොට වාරණයක් ඇති කරන්න.ඒක දෙමාපියන් වශයෙන් ඕගොල්ලො ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඕක පොඩි ළමයින්ට කරන දෙයක් නෙවේ.
සමාජ වෙබ් අඩවි විශේෂයෙන්ම තියෙන්නේ අවුරුදු 18 ට ඉහළ අයට පාවිච්චි කරන්න.ඒකනෙ අපි ඕවගේ වාරණයක් දාලා තියෙන්නෙ. ලංකාවේ නීතියට අනුව.ඒකෙ ඕන දෙයක් ප්‍රචාරය


 කරන්න හැකියාව තියනවා. ඔබ තුමිය සැලකිලිමත්වෙන්න. දරුවන්ට ඔය වගේ දේවල් පෙන්වන්න එපා.
අසන්නිය
 අම්මා ඉදිරියේ මට නම් මේ වීඩියෝවෙ තියන දේ බලන්න බෑ. සදාචාර සම්පන්න ඔය කියන දේවල් ඇති වෙන්නෑ මේ වීඩියෝ එකින්... හරිද.. එය කියන නාඩගම නටද්දි අම්ම ඉදිරියේ දරුවෙක් බලාගෙන ඉන්නෙ කොහොමද කියන්න.?

 නදීෂා
ඒක තනියෙන් බලන්න . දරුවත් එක්ක බලන්න වෙනම වර්ෂන් එකක් අපි හදලා තියනවා. ඒක රූපවාහිනී මාධ්‍යයට අපි වෙනමම වර්ෂන් එකක් විදිහට සංස්කරණය කරපු දර්ශන සහිතව ගීතමය රූප ජවනිකා ඇතුළත් කරල දීල තියනවා. ඉතින් ඒක දරුවො එක්ක බලන්න.. 
මේක පෙන්නන්න තියෙන්නෙ 18 න් ඉහළ අයට විතරයි.

0 Response to "who did you tell see my video with childrens-Nadeesha Hemamali"

Post a Comment