Find us on Facebook!

Athula worry about Amaya....


දරුවා සමග අමායා තනිකළ අතුල 
මුල්වරට කතාකරයි....

අතුල සමිතා අමායා හුටපටය පසුගිය කාලයේ අන්තර්ජාලයේ වැඩිදෙනෙකුගේ කතාබහට ලක්වූවකි. සමිතා සමග පළමු කසාදය දරුවන් සමග අතැර ගිය අතුල සිය දෙවන කසාදයේ අමායා හා දියණියද අතැර ගිය පුවත බොහෝ අයට අලූත් කථාබහක් ඇති කර තිබුණා.
මේ සම්බන්ධයෙන් අමායා විවිධ දේ මාධ්‍ය ඉදිරියේ කියා සිටියත් අතුල ඒ ගැන කට සෙලවූයේ නැත.
නමුත් අතුල මුල්වරට
පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින් ඒ ගැන පිළිතුරුදී තිඛෙනවා. ඔහු කියන්නේ ඇත්ත තත්වය මාධ්‍ය ඉදිරියේ නිරාවරණයවී නැති බවත් අමායා ජනප්‍රියවීමට විවිධ දේ කියන බවත්ය. ඔවුන් වෙන්ව සිටින බවද ඔහු එහිදී පිළිගනී.මෙවර ඉරිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට සිදු කර ඇති එම සාකච්ඡාවේ කොටසක් පහත පරිදිය.
අමායා ඔබ ගැන මාධ්‍යයට කියපු දේවල් ගැන මොකද හිතන්නේ ?

ගොසිප් කියන දේවල් ලෝකයේ ඕනෑතරම් තියෙනවා. ඒවා ගණන් ගන්න නරකයි. මාධ්‍ය ඉස්සරහට බලෙන් ගිහින් කාගෙවත් පුද්ගලික ජීවිතයකට මඩගහන්න තරම් පහත් තත්ත්වයකට මම

 වැටිලා නැහැ. මං ගැන කවුරු මොනවා කිව්වත් මම ගණන් ගන්නෙත් නැහැ. මොකද ඇත්ත තත්ත්වය මම දන්නවා.

එතකොට අමායා මාධ්‍ය ඉදිරියේදී ඔබ ගැන පැවසුවේ බොරුද?

ඔව්. ඒවා සත්‍ය නෙමෙයි. එයාගේ වටේ ඉන්න අය කියන දේවල් තමයි දැන් එයා ඔය කරන්නේ. ඇත්ත විස්තරය දන්නේ මමයි, එයයි විතරයි. ඒ විස්තර මාධ්‍යයට කියලා ජනප්‍රියවෙන්න මට වුවමනා නැහැ.

ඒ කියන්නේ ඔබ ගැන බොරු විස්තර මාධ්‍යයට කියලා අමායා ජනප්‍රිය වෙන්න හදනවා?

ඔව්. ඒක තමයි ඇත්ත තත්ත්වය. මම කවදාවත් ගෑණු බදාගෙන ජනප්‍රිය වෙච්ච චරිතයක් නෙමෙයි. මම මගේ වෘත්තිය අකුරටම කරන පුද්ගලයෙක්. ඒක නිසා විශාල රසිකයෝ පිරිසක් මට හැමදාම ඉන්නවා.

අමායාව අවුරුද්දකින් විතර බලන්න ගියේ නැහැ කියලා ඇය කියනවා. ඒක ඇත්තද?

එයා මාධ්‍ය හරහා නොයෙක් ප්‍රචාර මා ගැන පළ කරනවානේ. ඇත්තටම අමායයි, මමයි දැන් එකට නෙමෙයි ජීවත්වෙන්නේ.

ඉදිරියේදී මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ?

තවම ඒ ගැන හිතලා නැහැ.

ඇය ඔබට කිසිදාක වරදක් කරලා නැතිලූ. එතකොට වරද කරලා තියෙන්නේ ඔබද?


වරද කළේ කවුද කියලා හොඳටම දන්නේ අපි දෙන්නා විතරයි. ඒ ගැන මාධ්‍යය කියලා මට ජනප්‍රියවෙන්න වුවමනා නැහැ.

ජීවිතයේ ඔබ ගත්ත සමහර තීන්දු තීරණ ගැන අද ඔබ දුක්වෙනවාද?

කිසිසේත්ම නැහැ. මම ගොඩක් වෙනස් පුද්ගලයෙක්. මට හොඳයි කියලා හිතෙන දේ මම කරනවා. ඒකට මම කාගෙන්වත් අවසර ගන්නේ නැහැ. ජීවත්වෙලා ඉන්න කාලය තුළ මොනදේ වුණත් මම සතුටින් ඉන්නවා.

කතාවක් තියෙනවා සමිතා එක්ක ඔබ අලූත් ජීවිතයක් පටන්ගන්නවා කියලා?

සමිතා එක්ක කවදාවත් මගේ තරහක් තිබුණේ නැහැ. අපි දෙන්නා දික්කසාද වුණත් කවදාවත් තරහාවෙලා හිටියේ නැහැ.

ඒ කියන්නේ ඔබ තවමත් සමිතාට ආදරෙයි ?

සමිතා කියන්නේ මගේ මුල්ම දරු දෙන්නාගේ අම්මා. ඒක නිසා අපි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

නැවත සමිතාව කසාද බඳින්න අදහසක් නැතිද?

ඒ ගැන දැන්ම මට කිසි දෙයක් කියන්න බැහැ.


සටහන - ගයාන් සමරසිංහ

0 Response to "Athula worry about Amaya...."

Post a Comment