Find us on Facebook!

තාක්ෂනය කෘතීම අග්න්‍යාශයකින් දියවැඩියා රෝගීන් දහස් ගණනකගේ ජිවිත වෙනස් කරන්න පුළුවන් වෙයි.

තාක්ෂනය කෘතීම අග්න්‍යාශයකින් දියවැඩියා රෝගීන් දහස් ගණනකගේ ජිවිත වෙනස් කරන්න පුළුවන් වෙයි.


පළමු අදියරේ දියවැඩියා රෝගීන් මිලියන ගණනින් ලොව පුරා ජිවත් වෙයි. ඔවුන්ට ලැබෙන වෛද්‍ය උපදේශයක් වන්නේ සිය රුධිර සිනි මට්ටම නිරන්තරයෙන් මැන බලා අවශ්‍ය පරිදි ඉන්සියුලින් එන්නත් කරගැනීමටයි.
මෙයට විසඳුමක් සොයමින සිටි සැන්ටා බාබරා හි පිහිටි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කෘතීම අග්න්‍යාශයක් නිර්මාණය කළා. එමගින් ඔබේ රුධිරයේ සිනි මට්ටම ස්වයංක්‍රියව මැන බැලීමකට ලක් වන අතර අවශ්‍ය අවස්ථාවල දී නිසියාකාරව රුධිරයට ඉන්සියුලින් සපයනු ලබයි.
ෆ්‍රැන්සිස් ඩොයිලි සහ ඔහුගේ සගයන්ගේ අපේක්ෂාව වුනේ දියවැඩියා රෝගීන් විදින අපහසුතාවය මගහැර ඔවුනට කටුවක ආධාරය නොමැතිව ස්වයංක්‍රියවම ඉන්සියුලින් ලබාදීමට නව ක්‍රමයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා ඔවුන් විශේෂිත කේතයක් පරිගණක ගත කර රුධිරයේ සිනි මට්ටම මැන බලා අවශ්‍ය මාත්‍රාවට ඉන්සියුලින් ලබා දෙයි. මේ සඳහා කෘතීම අග්න්‍යාශයක් සිරුරට බද්ධ කෙරෙන අතර රුධිරයේ සිනි මට්ටම එමගින් මැන බැලෙනවා.
අත්හදා බැලීම් වල දී කෘතීම ලෙස රුධිරයේ සීනි මට්ටම ඉහල පහල යවා මේ නව නිර්මාණය පරික්ෂා කර තිබෙන අතර 80%ක පමණ සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබෙනවා. මෙහි ඊළඟ පියවර ලෙස මේ නිර්මාණය සතුන් මත මොනයම් ආකාරයෙන් ක්‍රියාකරන්නේ දැයි අත්හදා බැලීමට නියමිතයි.

0 Response to "තාක්ෂනය කෘතීම අග්න්‍යාශයකින් දියවැඩියා රෝගීන් දහස් ගණනකගේ ජිවිත වෙනස් කරන්න පුළුවන් වෙයි."

Post a Comment