Find us on Facebook!

නංගිව දූෂණය කළ පාපතරයින් 5ක් මරා එල්ලුම් ගහෙන් ගැලවුණු අයියා කෙනෙක් කියන කතාව මෙන්න


නංගිව දූෂණය කළ පාපතරයින් 5ක් මරා එල්ලුම් ගහෙන් ගැලවුණු අයියා කෙනෙක් කියන කතාව මෙන්න
5ක් මරලා හිරේ ගිහින් ඇතුලේ කෙනෙකුත් මරුවා..


මරදන්කඩවල යකඩයා, මරු සිරා, යන නම් අපේ මතකයේ තාමත් රැදෙන්නේ ඔවුන් සිපිරිගෙය තුල සිට කල අපූරු වික්‍රමයන් නිසාමයි. කීපවතාවක්ම යදම් බිඳගෙන පැන ආ මරුසිරා බෝගම්බර බන්ධනාගාරයේ ඉතිහාසයට එක්වෙමින් එල්ලම් ගසට නියමවූයේ ඔහුගේ වික්‍රමයන්ද ඉතිහාසයට එකතුකරමින්.

අද අපි කියන්නට යන්නේ එවන් සිරකරුවන් අතරම කාලය ගතකරමින් තම නැගණිය වෙනුවෙන් සිරබත් කෑ පුද්ගලයෙකු පිළිබඳයි. ඒ ‘‘හිතුමතේ ජීවිතේ‘‘ සිපිරිගෙය තුල එවන් අන්වර්ත නාමයෙන් හැදුන්වනු ලැබූ ඔහු නමින් බටුගහගේ දොන් සුමතිපාල.

ඔහුට ඔහුගේම කියා සිටියේ සහෝදරියක් පමණයි. රූමත් ඇය 1972 කලුතර පැවති අවුරුදු උත්සවයක අවුරුදු කුමාරිය බවට පත්වෙනවා. කෙසේ නමුත් එම තරඟයෙන් පසු ඇයට නිවසට එන්නට ලැඛෙන්නේ නෑ. එකල සේවයේ නිරත කලුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ නැගණිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමනවා.

මේ පුවත සැලවීමත් සමඟ සුමතිපාල පොලිස් ස්ථානයට ගොස් ස්ථානාධිපතිවරයා හමුවු වී සිද්ධිය පිළිබඳ විමසා ඇති අතර සහෝදරිය ඝාතනය කල ඔහුව එතැනම මරාදමනවා.

එම වරදට මොහු 1975 වසරේදී බෝගම්බර එල්ලුම් ගසට නියමවන අතර බෝගම්බර සිපිරිගෙය නවාතැන කරගත් මොහු එහිදී මරදන්කඩවල යකඩයා, මරු සිරා,පොඩි විජේ ආදී දරුණු සිරකරුවන් සමඟ කාලයගත කර ඇත. කෙසේ නමුත් සිර ගෙදරින්ද පැණයන මොහු එහිදී තම නැගණිය දූෂණය කල මෙලෙච්ඡයින් එකිනෙකා මරා දැමීම හේතුවෙන් නැවතත් සිපිරිගෙයට එන්නට සිදුවෙනවා.

අවසාන වශයෙන් 1978 දී එල්ලුම් ගසට නියම වෙන මොහු එල්ලා මැරීමට දින කීපයකට පෙර එවකට පැවති රජය විසින් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලබනවා.

ඒ අයුරින් වසර 39ක් සිරබත් කෑ මොහු සිව් වතාවක් එල්ලුම් ගහට නියම වූ අතර පසුගිය බදාදා සිපිරිගෙයි ජිවිතයට සම්පුර්ණයෙන්ම සමුදුන්නා. ඒ පසුගිය මසක බෝගම්බර බන්ධනාගාරයේ වහලය උඩට නැග කල උපවාසයක් නිසාවෙන්..

නැවත දැහැමි ජීවිතයට හුරුවී ඇති හිතුමතේ ජීවිතේ සියලු ඉඩකඩම් තමන්ගේ මියගිය නැගණිය වෙනුවෙන් විහාරස්ථානයට ලියා දෙන්නටද කටයුතු කර ඇති බවයි අපි හමුවේ ප්‍රකාශකර සිටියේ..


ඔහු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්... .


0 Response to " නංගිව දූෂණය කළ පාපතරයින් 5ක් මරා එල්ලුම් ගහෙන් ගැලවුණු අයියා කෙනෙක් කියන කතාව මෙන්න"

Post a Comment